"අපි තනතුර බලන්නේ නෑ, තත්ත්වය බලන්නෙත් නෑ අතිගරු ජනාධිපති තුමා පැහැදිලි නියෝගය දීල තියෙන්නේ කවුරු වුනත් කමක් නෑ ඒ සම්බන්ධව අත් අඩංගුවට ගන්න කියල"
ළමා සහ කාන්තා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් එල් ඒ එම් හිස්බුල්ලා
උතුරේ සිදුවන බොහෝ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් එහි රඳවා සිටින ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට චෝදනා එල්ල වී තිබෙන බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
ශ්‍රී ලංකාවේ දිනෙන් දින වැඩිවෙමින් පවතින ස්ත්‍රී දූෂණ මැඩලීම සඳහා වහාම පියවර ගත යුතුව තිබෙන බව ලෝක බැංකුව අවධාරණය කරයි. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂිකා, දියරිටෝව් ආයේ (Diarietove Aaye ) විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ 2011 අවුරුද්ද තුල ලිංගික දූෂණ 1169 ක් ශ්‍රී ලංකාවෙන් තිබෙන බවයි.

'ස්ත්‍රී දූෂණ ගැන උතුරුකරයේ බැලුවම ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතාම ළඟ ඥාතියකුගෙන් ඒ වගේම දන්නා අඳුනන පුද්ගලයෙකුගෙන් සහ අසල්වැසියෙකුගෙන් සිද්ද වෙච්ච'
ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මේ බරපතල ලිංගික හිංසනය හමුවේ නිහඩව නොසිට එය මැඩලීමට පියවර ගැනීම සෑම දෙනාගේම වගකීමක් වන බව ද ලෝක බැංකු ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂිකාව පෙන්වා දෙන්නීය.
එම වාර්තා බැහැර නොකරන ළමා සහ කාන්තා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් එල් ඒ එම් හිස්බුල්ලා බීබීසී සංදේශයට කියා සිටියේ මෑතදී ලිංගික හිංසනයට ගොදුරු වූ අය අතරින් අති බහුතරය දැරියන් බවයි.
පොලිස් වාර්තාවලට අනුව 1990 වසරේදී ශ්‍රී ලංකාව පුරාම ස්ත්‍රී දූෂණ වාර්තා වී තිබෙන්නේ 665 ක් පමණයි. එහෙත් 2009 දී එය 1624 ක් දක්වා වැඩිවී තිබෙන අතර, මේ වසරේ ගතව ගිය මාස හත ඇතුලත පමණක් ස්ත්‍රී දූෂණ 900 කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි, පොලිස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත අපරාධවලින් සියයට 48 ක් ස්ත්‍රී දූෂණ බව පෙන්වා දෙන මානව හිමිකම් ක්‍රියාකාරිනී නීතිඥ නිමල්කා ප්‍රනාන්දු කෙසේ වුව උතුරේ සිදුවන ස්ත්‍රී දූෂණ මෙම වාර්තාවලට ඇතුලත් නැති බව අවධාරණය කරන්නීය.
"ක්ෂේත්‍ර කටයුතුවල යෙදෙන පුද්ගලයෝ හැටියට මේ සංඛ්‍යාලේඛන අපි අභියෝගයට ලක් කරනවා. මොකද විශේෂයෙන්ම අද පවතින්නා වූ බරපතල හමුදාකරණය සහ ජීවනෝපාය නොමැති තත්ත්වය හේතුකොට ගෙන කාන්තාවන්ගේ සැබෑ කතාන්දරය උතුරේ සංඛ්‍යාලේඛනවලින් එළිදරවු නොවන බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා, " ඇය පවසන්නීය.

ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි නඩුව එවකට නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම "වැරදි" බව එවකට අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා පැවසීය
උතුරේ සිදුවන බොහෝ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් එහි රඳවා සිටින ශ්‍රී ලංකා හමුදා සෙබළුන්ට චෝදනා එල්ල වී තිබෙන බවයි, මානව හිමිකම් ක්‍රියාධරයන් පවසන්නේ.
එහෙත් පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් ඇමතූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එම චෝදනාව තරයේ බැහැර කළේය.
"ස්ත්‍රී දූෂණ ගැන උතුරුකරයේ බැලුවම ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතාම ළඟ ඥාතියකුගෙන් ඒ වගේම දන්නා අඳුනන පුද්ගලයෙකුගෙන් සහ අසල්වැසියෙකුගෙන් සිද්ද වෙච්ච," ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
වත්මන් ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධ රැල්ලක් පැතිර යාමට ප්‍රධාන හේතූන් දෙකක් තිබෙන බව පෙන්වා දෙන ළමා අයිතිවාසිකම් පිලිබඳ නීතිවේදිනී ආචාර්ය චාරිකා මාරසිංහ, ආර්ථික භෞතික දියුණුව හා සමාන්තරව රටේ සදාචාර ධර්මයන් පිරිහීම මෙන්ම දශක ගණනාවක යුද්ධය විසින් ලාංකීය සමාජය දැඩි මිලිටරිකරණයට ලක්වීම එම ප්‍රධාන හේතූන් බව සඳහන් කරන්නීය.
"විශේෂයෙන් අපි දැක්කා දකුණු අප්‍රිකාව වගේ රටක ඒ යුද්ධමය තත්වය අවසාන වුනාට පස්සේ සමාජය යුදකරණය වීම තුල මිනිසුන්ට හිංසනය කියන දේ බොහොම සුළු දෙයක් එතරම් භයානක දෙයක් හැටියට සලකන්නේ නැති තත්ත්වයකට පත්වෙනවා සමාජයක්," බව ආචාර්ය මාරසිංහ පවසන්නීය.
නමුත් මෙම අපරාධ රැල්ල මැඩපැවැත්වීමට ආණ්ඩුව පියවර ගමිනින් සිටින බවයි, නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලා පවසන්නේ.
"අපි තනතුර බලන්නේ නෑ, තත්ත්වය බලන්නෙත් නෑ අතිගරු ජනාධිපති තුමා පැහැදිලි නියෝගය දීල තියෙන්නේ කවුරු වුනත් කමක් නෑ ඒ සම්බන්ධව අත් අඩංගුවට ගන්න කියල"
ළමා සහ කාන්තා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් එල් ඒ එම් හිස්බුල්ලා
"අපි තනතුර බලන්නේ නෑ, තත්ත්වය බලන්නෙත් නෑ අතිගරු ජනාධිපති තුමා පැහැදිලි නියෝගය දීල තියෙන්නේ කවුරු වුනත් කමක් නෑ ඒ සම්බන්ධව අත් අඩංගුවට ගන්න කියල," බව නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ එවැනි නියෝග දී තිබෙන්නේ නම් ළමා අපචාරයක් සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහිව පවරා තිබූ නඩුවක් එවකට නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගත්තේ ඇයි?
"මම ඒ ගැන දන්නේ නෑ මොන හේතුව වුද ඒක වුනාද කියල නමුත් අපි දැන් ළමා අපචාර සහ කාන්තා හිංසන සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශය සහ ළමාරක්ෂණ අධිකාරිය කටයුතු කරනවා," ඇමතිවරයාගේ ප්‍රතිචාරයයි.
මේ අපරාධ රැල්ලට වට බැඳීම සඳහා පවත්නා නීතිය දැඩි කිරීමේ අවශ්‍යතාවයද ඇමතිවරයා පෙන්වාදෙයි.
කෙසේ වුව නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ නම් ඒ සඳහා රටේ පවතින නීති ප්‍රමාණවත් බවයි, මානව හිමිකම් ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ.
"මම දකින විදියට ප්‍රධානම අභියෝගයක් තමයි අපිට තියෙන, පවතින නීතිය අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් විය යුතුයි," ඒ ආචාර්ය චාරිකා මාරසිංහගේ මතයයි.
රට පුරා පැතිර යන ස්ත්‍රී දූෂණ රැල්ල සමාජ ප්‍රශ්නයක් බැවින් එය හුදෙක් පොලීසිටය පමණක් ලගු කළ හැක්කක් නොවන බවයි, නීතිඥ නිමල්කා ප්‍රනාන්දු මේ අතර අවධාරණය කරන්නේ.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.