ලඟදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟාවලිය සංවිධානය කිරීම සිංගප්පූරුවේ සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් සමාගමට පවරන ලද බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
පොදු ව්‍යාපාර කාරක සභාව විසින් අනුමැතිය පළකරනු ලැබීමෙන් අනතුරුව, ලඟදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග තරඟාවලිය සංවිධානය කිරීම සිංගප්පූරුවේ සමර්සෙට් එන්ටර්ටේන්මන්ට් වෙන්චර්ස් සමාගමට පවරන ලද බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඒ සඳහා කාරක සභාවේ සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවූ බව ඇමතිවරයා පවසන නමුත් එහි සාමාජිකයන් වන අර්ජුන රණතුංග සහ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් බීබීසී සංදේශයට කියාසිටියේ ඔවුන් එම රැස්වීමට සහභාගි නොවූ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් පදවිය දරමින්ම නිශාන්ත රණතුංග කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනියේද ප්‍රධාන විධායක පදවිය දැරීම ගැන පොදු ව්‍යාපාර කාරක සභාව දැඩි අවධානය පළකොට තිබූ නමුත්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ එය ගැටලුවක් නොවන බවයි.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.