BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

ගුජරාටයේ ආගම්වාදී ගැටුම්වලට හිටපු ඇමතිවරියකට සිර දඬුවම්

2012 අගෝස්තු 31 - 13:23 GMT
Maya Kodnani in court

මීට දස වසරකට පෙර ගුජරාට් ප්‍රාන්තයේ ආගම්වාදී ගැටුම් පැවති අවස්ථාවේ සිදුකල සමූහ මිනිස් ඝාතනයකට ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු ඇමතිවරියක් සම්බන්ධ බව ඉන්දීය අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන මායා කොඩ්නානිට ඉන්දීය අධිකරණයක් වසර විසි අටක සිරදඩුවමක් නියම කෙරිණ.

එම සමුහ මිනිස් ඝාතනයේදී මුස්ලිම් ජාතිකයන් අනූ පස් දෙනෙකු මරා දැමුණු අතර ජනතාව කුපිත කර වූ බවට ඇයට චෝදනා එල්ල වී තිබුණි.

හිටපු ඇමතිවරිය සමග තවත් තිස් එක් දෙනෙකුට අධිකරණය දඬුවම් පැමිණවූ බවයි වාර්තා වන්නේ.

ආගම්වාදී ගැටුම් පැවති අවධියේ ප්‍රාන්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් වූ මායා කොඩ් නානි පසුව ඇමතිවරියක් ලෙස උසස් වීම ලැබුවාය.

අධිකරණයකින් දඬුවම් ලැබූ ජ්‍යෙෂ්ඨතම භාරතීය ජනතා පක්ෂ නායිකාව ඇයයි.

2002 වසරේ පැවති ගැටුම් වලදී ගුජරාට් ප්‍රාන්තයේ දහසකට වැඩි පිරිසක් මරා දැමුණ අතර මරුමුවට පත් බොහෝදෙනා මුස්ලිම් ජාතිකයන්.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter