BBC Sinhala

මුල්පිටුව​ > ලෝකය

ඇෆ්ඝනිස්තානයේ බලය බෙදා ගන්නා ආණ්ඩුවක් පිහිටුවනවා - තාලිබාන් ව්‍යාපාරය

2012 අගෝස්තු 17 - 13:15 GMT
Mullah Omar

2014 දී නේටෝ හමුදා තම භූමියෙන් ඉවත් කර ගනු ලැබීමෙන් අනතුරුව, රටේ සියළු කොටස් ඇතුළත්, බලතල බෙදා හදා ගනු ලබන ආණ්ඩුවක් පිහිටුවීම තම උවමනාව බව තාලිබාන් සංවිධානයේ නායක මුල්ලා ඕමාර් ප්‍රකාශ කරයි.

නේටෝ හමුදා ඇෆ්ඝන් භූමිය ආක්‍රමණය කළ දා පටන් මුල්ලා ඕමාර් පළා ගොස් සැඟවයි සිටින්නේ.

ඊද් උත්සවය නිමිත්තෙන් ප්‍රකාශයක් කරන තාලිබාන් නායකයා, සිය සංවිධානය ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පසුගියදා සිදු කළ සාකච්ඡා යුක්ති සහගත කිරීමට ද උත්සාහයක් දැරීය.

එහෙත් උපාය මාර්ගික කරුණු හේතුවෙන් එම සාකච්ඡා මේ වන විට අත් හිටවනු ලැබයි තිබෙන්නේ.

තාලිබාන් ක්‍රියා සම්බන්ධයෙන් පළවෙමින් ඇති මහජන මැසිවිලි සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති මුල්ලා ඕමාර්, තම ව්‍යාපාරය අධ්‍යාපනයේ ඇති වැදගත්කම දකින බවත්, පසුගියදා පාසල්වල වාර්තා වූ වසදීම් වලට හෝ වෙනත් ප්‍රහාරවලට තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවත් කියා තිබේ.

ඇෆ්ඝන් භුමියේ සිදු කෙරෙන සන්නද්ධ ප්‍රහාරවලදී සාමාන්‍ය ජනතාව මරා නොදමන මෙන්, මුල්ලා මෙම ඊද් ප්‍රකාශනය මගින් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter