BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

දෙමළ කාන්තාවෝ පිරිසක් ශ්‍රී ලංකා හමුදාවට

2012 නොවැම්බර් 18 - 14:30 GMT
Sri Lanka Army (file photo)

ශ්‍රී ලංකා මිලිටරි ඉතිහාසයේ පළමු වතාවට දෙමළ ජාතික කාන්තාවන් 100 කට වැඩි පිරිසක් හමුදාවට බඳවා ගැනීමට කටයුතු කළ බව බලධාරීහු පවසති.

හමුදාවට බැඳීම සඳහා අයදුම් කළ මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවාසී කාන්තාවන් 300 කට අධික පිරිසක් අතරින් 109 දෙනකු සෙනසුරාදා පැවති උත්සවයකදී මෙසේ බඳවාගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම සහ හමුදාවට බැඳීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන්නේ නම් ඕනෑම තැනැත්තෙකුට ශ්‍රී ලංකා හමුදාවට බැඳිය හැකි බවද ඔහු සඳහන් කළේය.

"ද්‍රවිඩ ජාතිකයන්ට හමුදාවට බැඳීමට කිසිදු අවස්‌ථාවක බාධාවක් තිබුනේ නෑ හමුදාව පැත්තෙන් නමුත් පසුගිය කාලයේ කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම නිසා මේ ප්‍රදේශවල ජනතාව හමුදාවට බැඳීමට පොඩි චකිතයක් තිබුනා," බවයි, බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ.

දෙමළ ජාතිකයන් සුළු පිරිසක් දැනටමත් හමුදා සේවයේ යෙදී සිටින නමුත්, දෙමළ කාන්තාවන් විශාල පිරිසක් එකවර හමුදා සේවයට එක්වූ ප්‍රථම වතාව මෙයයි.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter