BBC Sinhala

මුල්පිටුව​ > ශ්‍රී ලංකා

වැඩ බලන විනිසුරුවරයකු පත්කිරීමට ඉඩ කඩ නැහැ - ෆ්‍රී මාර්ච් නීතිඥ සංවිධානය

2012 නොවැම්බර් 17 - 13:48 GMT
Sri Lanka parliament

වත්මන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක සේවයේ යෙදී සිටියදී වැඩ බලන විනිසුරුවරයකු පත්කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉඩ කඩ නැති බව ෆ්‍රී මාර්ච් (Free March) නීතිඥ සංවිධානය ප්‍රකාශ කරයි.

දෝෂාභියෝග චෝදනා විභාග කිරීම ආරම්භ කිරීමෙන් පසු වත්මන් අගවිනිසුරුවරිය වෙනුවට වැඩ බලන අගවිනිසුරුවරයකු පත් කිරීමට සූදානමක් පවතින බවට ඇතැම් මාධ්‍ය වාර්තා පල කොට ඇති බව ෆ්‍රී මාර්ච් නීතිඥ සංවිධානයේ කැඳවුම්කරු ගුණරත්න වන්නිනායක ප්‍රකාශ කළේය.

නීතිමය වශයෙන් හෝ සාම්ප්‍රදායික වශයෙන් හෝ එවැනි පත්කිරීමක් සිදු කිරීමට පූර්වාදර්ශයක් නොමැති බව නීතිවේදී ගුණරත්න වන්නිනායක තවදුරටත් සඳහන් කළේය.

බෙදා ගන්න

Email Facebook Google+ Twitter