අප ගැන

බීබීසී ලෝක සේවයේ සිංහල වැඩසටහන, සංදේශය, තවත් භාෂා විසිහයකින් ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන කණ්ඩායම් සමඟ ලන්ඩන් පුරවරය මුලස්ථාන කොටගෙන ක්‍රියාත්මකවේ.

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිවිල් යුද්ධය සහ පශ්චාත්-යුධකාලීන වර්ධනයන් පිළිබඳව විශ්වසනීය තොරතුරු දැනගැනීම සඳහා ලොවපුර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංදේශයට සවන්දෙන බව සමීක්ෂණවලින් හෙළිවී තිබේ.

ශ්‍රී ලංකාව පුරා වෙසෙන අපේ වාර්තාකරුවෝ දිනපතා අපට වාරණයට ලක්නොවූ පුවත් වාර්තා යොමුකරති. ශ්‍රී ලංකාවේ සිට එම වාර්තාකරුවන් මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු විසිනි. චාර්ල්ස් හැවිලන්ඩ් බීබීසී ඉංග්‍රීසි භාෂා සේවයන් වෙනුවෙන් කොළඹ සිටින වාර්තාකරුවාය.

සංදේශය කාර්ය මණ්ඩලය

ප්‍රියත් ලියනගේ - අංශ ප්‍රධානී

චන්දන කීර්ති බණ්ඩාර -ජ්‍යෙෂ්ඨ සම්පාදක

අසාම් අමීන් - කොළඹ වාර්තාකරු

ඉන්ද්‍රා රාමනායක

විමලසේන හේවගේ

මයිකල් ඩේවිඩ්

උපාලි ගජනායක

සරෝජ් පතිරණ

අරවින්ද තිසර රතුවිතාන

තක්ෂල ශ්‍රීනාත් ප්‍රනාන්දු

එස් එල් සෙනෙහෙධීර

චාල්ස් හැවිලන්ඩ් - කොළඹ වාර්තාකරු

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.