මර්සි එදිරිසිංහ සමු ගනියි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 17 සඳුදා - 18:56 GMT

මර්සි එදිරිසිංහ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රහසන නාටකවලට සම්බන්ධ වීමෙන්

චිත‍්‍රපට, ටෙලිනාට්‍යය හා වේදිකා රංගන ශිල්පිනියක සහ ගායිකාවක වූ මර්සි එදිරිසිංහ 68 වැනි වියේදී දිවි මගෙන් සමුගත්තාය.

දිගු කලක සිට අසනීප තත්ත්වයෙන් සිටි ඇය, ගම්පහ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ලංකාහෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.

1964 වසරේ නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවිය ඇරඹූ මර්සි එදිරිසිංහ 1967 වසරේදී වේදිකා නාට්‍යය කලාවට අවතීර්ණ විය.

වේදිකා නාට්‍ය, චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඇය, වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූයේ ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රුද්‍රිගු සහ බර්ටි ගුණතිලක සමඟ ප්‍රහසන නාටකවලට සම්බන්ධ වීමෙන්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.