දිවි මගේ හත් වැනි දශකයට එළැඹෙන අමිතාබ් බච්චන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 14 ඉරිදා - 14:07 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

චිත්‍රපට 180 කට වැඩි සංඛ්‍යාවක් සිව් දශකයකට වැඩි කලක් සිය රංගන දායකත්වයෙන් හැඩ කළ අමිතාබ් බච්චන් ඉන්දීය රිදී තිරයේ තවමත් ජනප්‍රියතම නළුවායි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

චිත්‍රපට 180 කට වැඩි සංඛ්‍යාවක් සිව් දශකයකට වැඩි කලක් සිය රංගන දායකත්වයෙන් හැඩ කළ අමිතාබ් බච්චන් ඉන්දීය රිදී තිරයේ තවමත් ජනප්‍රියතම නළුවායි.

බීබීසීය විසින් පවත්වන ලද අන්තර්ජාල ජනමත විමසුමකින් මෙතෙක් පහලවූ විශිෂ්ටතම නළුවා ලෙසින් ජනප්‍රසාදයට පත් ඔහු ලෝ ප්‍රකට ලන්ඩනයේ මැඩම් ටුසොඩ් ඉටි රූ කෞතුකාගාරයේ ප්‍රතිමාවක් ඉදි කෙරුණු මුල්ම ඉන්දීය රංගන ශිල්පියා.

Amitabh Bachchan

'වයස යන එක වලක්වන්න බෑ. මම දැන් ඉතින් ගොඩක් කරන්නේ ජ්‍යෙෂ්ට පුරවැසි චරිත. එත් තාම දහ දෙනකුට තඩිබාන්න පුළුවන්'

වරක් ඊජිප්තු බලධාරීන්ට ඔහුගේ ගමන් බලපත්‍ර පරීක්ෂාව කයිරෝ නුවර හෝටල් කාමරයක සිදු කරන්නට බලකෙරුනේ එරට සිනමා ලෝලීන් ගුවන් තොටුපල ආක්‍රමණය කළ නිසා.

සිය ජීවිත චාරිකාවේ හත් වැනි දශකය ලඟා වෙද්දී ඔහු කියා තිබුනේ වයසට යාම නිසි කලට සිදුවන තාක් කිසිදු ගැටළුවක් නැති බවයි.

'වයස යන එක වලක්වන්න බෑ. මේ රස්සාවෙදී තමන්ගේ මුහුණ තමයි වාසනාව ගෙන දෙන සම්පත. අපි එක ආරක සිනමාවක ඉඳලා තව ආරක සිනමාවකට මාරුවෙනවා. මම දැන් ඉතින් ගොඩක් කරන්නේ ජ්‍යෙෂ්ට පුරවැසි චරිත. එත් තාම දහ දෙනකුට තඩිබාන්න පුළුවන්.'

රංගනයෙන් පමණක් නොව ගායනයෙන්ද හොලිවුඩ් සිනමාව රස ගැන්වූ බච්චන්, යොවුන් දස්කම් නගා සිටුවීමේ අරමුණින් බීබීසීය ගෙන එන The next generation වැඩ සටහනට කුඩා කල තමනට බලපෑමක් කළ සිදුවීම් දෙකක් ගැන සඳහන් කළා.

'කනගාටුදායක දේ තමයි මගේ හිතේ ලොකු සංවේදනයක් ඇතිකළ ඝාතන දෙකක් තියෙනවා. මහත්මා ගාන්ධි. එතකොට මට වයස අවුරුදු පහයි. එතුමාගේ භෂ්මාවශේෂ ගංගා නදියේ පා කිරීමට ගෙනාවේ අපේ නුවරට. අලහබාද් වලට. ඊළඟට අපේ පවුලේ ලඟම මිතුරියක වූ ඉන්දිරා ගාන්ධි ඝාතනය. "

ඉකුත් ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල වෙනුවෙන් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව උදාවූ එකම විදේශීය නළුවා අමිතාබ් බච්චන්. ලපටි වයසේ පටන් ආශාවෙන් නැරඹු මේ ක්‍රීඩා උළෙලට දායක වීමට ඉඩ ලැබෙතැයි තමන් සිහිනයෙන් වත් නොසිතු බව කී ඔහු එය මහත් ගෞරවයක් සේ සලකන බවයි ප්‍රකාශ කළේ.

දරුවන් වෙනුවෙන් ලබා දිය හැකි උපදේශය කුමක්දැයි අමිතාබ් බච්චන් ගෙන් බීබීසීය විමසුවේ ඉකුත් මැයි මාසයේදී The next generation වැඩ සටහනේදී.

'ඒක මම මගේ තාත්තා ගෙන් උගත් දෙයක්. සිතු විදියට යමක් වේ නම් ඒක හොඳයි. නොසිතු විදියට සිද්ධ උනොත් වඩාත් හොඳයි. මොකද ඒක සිද්ධවෙන්නේ දෙවියන්ට ඕන විදියට. කිසිම නරකක් සිදුවීම දෙවියන්ගේ කැමැත්ත නෙමෙයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.